මේ අප‌ේ සාම දූතයින් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

මේ අප‌ේ සාම දූතයින් (PHOTOS)

මේ අප‌ේ සාම දූතයින් (PHOTOS)

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක‍්‍රියාත්මක කළා. එහිදී හමුදා - සිවිල් සහයෝගීතා වර්ධනය කිරිමේ ප‍්‍රධාන වැඩසටහන් 04 ක් මෙන්ම ඖෂධ ප‍්‍රදානය කිරීමේ වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාත්මක වුණා.

 

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ, බ්‍රියා නගරය අවට ගම්මාන කිහිපයක වැසියන් හට තම දුක්බර ජීවන ගමනට සහනයක් වන්නටත් යුධ වාතාවරණයට මැදිවූ කුඩා දරු දැරියන්ගේ ළමා මනසට අස්වැසිල්ලක් වෙමින් සුන්දර ළමා මතකයන් රැසක් ඔවුන්ගේ මනසෙහි තැන්පත් කරන්නටත් මෙම වැඩසටහන් මාලාව ක‍්‍රියාත්මක කිරීම තුළින් හැකිව තිබ‌ෙනවා.

 

මෙමගින් වයස අවුරුදු 8 ට අඩු දරු දැරියන් 1000 කට අධික ප‍්‍රමාණයකට වරප‍්‍රසාද හිමිවුුුුණා. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මගින් ළමා ඇඳුම් සහ පාපන්දු ඇතුළු සෙල්ලම් බඩු විශාල  ප‍්‍රමාණයක් බෙදා දුන් අතර පාසල් දරු දැරියන් 300කට පමණ පාසල් උපකරණ ප‍්‍රදානයක් ද සිදු කළා. ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සියලුම සාමාජිකයන් විසින් තම දිනක සලාක දීමනාව වැයකොට  පෝෂ්‍යදායී ආහාර පාර්සල් 2000 කට අධික ප‍්‍රමාණයක් ගම්වාසීන් වෙත බෙදා දීමටද මෙම වැඩසටහන් මාලාව තුළදී කටයුතු කිරීමටද හැකියාව ලැබුණා.

 

මෙම හමුදා - සිවිල් සහයෝගීතා වැඩසටහන් මාලාවට අමතරව ඖෂධ ප‍්‍රදානය වැඩසටහන් කිහිපයක්ද බ්‍රියා ප‍්‍රාදේශීය රෝහලේදී පවැත්වුණා. මෙම ඖෂධ තොගයට හදිසි ජීවිතාරක්‍ෂක ඖෂධ, ප‍්‍රතිජීවක, වේදනා නාශක සහ තවත් ඖෂධ කිහිපයක්ද ඇතුළත්.

 

මෙම සියලුම වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රසාංග ද සොයිසා ගේ මගපෙන්වීම යටතේ සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නැගෙනහිර බලප‍්‍රදේශයේ හමුදා - සිවිල් සහයෝගීතා නිලධාරී ඊජිප්තු හමුදාවේ මේජර් ඩෝආ අලි ස්මයිල් ගේ උපදේශනය යටතේ සිදුක‌ෙරුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

644 Views

Comments

arrow-up