ජනපතිගෙන් තවත් දැඩි තීරණයක්

රජය විසින් ලබාදෙන ලද බදු ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබානොදෙන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
සිල්ලර , තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩුකිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයන්ට නොලැබෙන බවට ජනතාව අඛණ්ඩව කළ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් ප්‍රතිලාභ ජනතාවට නිරන්තරයෙන් ලබාදීමට මහා පරිමාන තොග ආනයනකරුවන් , නිෂ්පාදකයන් , බෙදාහරින්නන් සහ සිල්ලර වෙළඳුන් කටයුතු කරන්නැයිදැයි නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ව්‍යාපාරවලට අසාධාරණයක් නොවන ලෙස තරඟකාරී නොවන වෙළඳපොළ භාවිතයන් වළක්වා තිබෙන නිසා පාරිභෝගිකයන්ට අදාළ බදු ප්‍රතිලාභ ලබාදෙන මෙන් ජනාධිපතිවරයා ව්‍යපාරිකයන්ටද දැනුම්දීමක් කර ඇත.
697 Views
Comments