රජයේ ප්‍රගතිශීලී යෝජනාවලට විපක්ෂයේ උපරිම සහය

රජයේ ජනතාවාදී මෙන් ම ප්‍රගතිශීලී යෝජනාවලට විපක්ෂයේ උපරිම සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.
ප්‍රගතිශීලී,ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් ලෙස පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය, දස වැදෑරුම් දැක්ම, සෞභාග්‍යයේ දැක්ම තුළ ජනතා හිතවාදී ජනතාවාදී ප්‍රගතිශීලී යෝජනා ඇතුළත් අයවැය ලේඛනයක් ඉක්මනින් ඉදිරිපත් කරන ලෙසත් එය ජනතාවාදී නම් එයට සහයෝගය ලබා දෙන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
එමෙන් ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට උපරිම සහාය ලබාදෙන බව සඳහන් කළ විපක්ෂනායකවරයා,ජාතික ආරක්ෂව ශක්තිමත් කිරීමට නම් නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවත් පැවසීය.
778 Views
Comments