ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි

ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබෙනවා.

 

මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකිනි.

 

මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03 ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මිලදි ගනු ලබයි. ඒ එකක් ඩොලර් 7.80 කටයි.

 

නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතයි.

 

ශ්‍රී ලංකන් සමාගමේ මිල දී ගැනීම් වල දි දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා උපදෙස් දී තිබිණා.

views

668 Views

Comments

arrow-up