කැබිතිගොල්ලෑවේන් නව කොරෝනා ආසාදිතයෙක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

කැබිතිගොල්ලෑවේන් නව කොරෝනා ආසාදිතයෙක් හමුවේ

කැබිතිගොල්ලෑවේන්  නව කොරෝනා   ආසාදිතයෙක් හමුවේ

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වනවා.

 

 

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් ගෙන් තහවුරු වීමෙන් අනතුරුව 36 හැවිරිදි එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

 

 

අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිය නිවසට ඊයේ දිනයේදී ඇය යලි පැමිණීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා අද දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කොට සිටින මෙත්සිරි සෙවණ වෙත ඇතුලත් වූ බවයි එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කලේ.

 

 

අද දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

 

views

1451 Views

Comments

arrow-up