උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සඳහා දින සැකසේ - නිවේදනය මේ සතියේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සඳහා දින සැකසේ - නිවේදනය මේ සතියේ

උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සඳහා දින සැකසේ - නිවේදනය මේ සතියේ

අපොස උසස් පෙළ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය යන විභාග පවත්වන දින මෙම සතියේ ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

 

මෙතෙක් පාසල් ආරම්භ කිරීමට නොහැකිවීම හා මහ මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත වීම යන කරුණු මත අගෝස්තු මාසයේ දී උසස් පෙළ විභාගය පැවැත්වීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබුණා.

 

පවතින තත්ත්වය මත සැප්තැම්බර් මාසයේ දී විභාගය පැවැත්වීම කෙරෙහි ද දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.

 

විභාග කාලසටහන් සකස් කිරීමේ දී මහමැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සිදුව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

 

මේ අතර උසස් පෙළ විභාගය කල් දමන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ද මේ වන විට රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

 

views

953 Views

Comments

arrow-up