බෝරා ආධ්‍යාත්මික නායකයා ඇතුළු 45 කට ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට අවසර

ඉන්දියාවේ මුම්බායිහි රැඳී සිටින බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 45 දෙනෙකු මෙරටට පැමිණීම සඳහා අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා අවසර ලබාදී තිබෙන බවත්, යුධ හමුදා අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඔවුන්ව බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නිර්දේශ අනුව අවන්හල්වල එම ස්ථානයේදීම ආහාර ගැනීමේ හා බැහැර ගෙනයාමේ පහසුකම් සැලසීමට අවස්ථාව සලසා තිබේ.
නමුත් පනවා තිබෙන රෙගුලාසි අනුවම කටයුතු කළ යුතු අතර ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ්අඩවියේ දැක්වෙන එකඟතා ප්‍රකාශය පුරවා අවන්හල් හිමිකරු විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත භාරදිය යුතු වෙයි.
695 Views
Comments