දැඩි නීතිරීති යටතේ සංචාරකයන්ටත් ලංකාව විවෘත කරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

දැඩි නීතිරීති යටතේ සංචාරකයන්ටත් ලංකාව විවෘත කරේ

දැඩි නීතිරීති යටතේ සංචාරකයන්ටත් ලංකාව විවෘත කරේ

ශ්‍රී ලංකාවට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් පමණක් ගෙන්වීමටත්, සංචාරය කිරීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම තහනම් කිරීමටත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.

 

අගෝස්තු මස 01 වනදා සිට සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එහිදී සංචාරකයන් සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමේදී අය කළ ඇමෙරිකානු ඩොලර් හතළිහක වීසා ගාස්තුව ඩොලර් සියය දක්වා වැඩිකර ඇත.

 

ශ්‍රී ලංකාවට පැමිණීමට පැය හැත්තෑ දෙකකට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි. එම පී.සී.ආර්. වාර්තාව ගුවන් තොටුපොළට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකෙරේ. එහි වාර්තාව පැය හයකින් ලබාදීමට නියමිතය. ඊට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් ගුවන්තොටුපොළ ළඟම පිහිටි සංචාරක හෝටලයක එම සංචාරකයන් රඳවා තැබිය යුතු බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.

 

ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි අවම කාලය දින පහකි. දිවයිනට පැමිණ සිව්වන දිනයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට ඔවුන් ලක්කරන අතර දින පහකට වඩා සිටින සංචාරක කණ්ඩායම් අටවන දිනයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කෙරේ.

 

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට රජය විසින් අනුමත කරන ලද හෝටල්වල පමණක් නවාතැන් ගත යුතු බවද සංචාරක මණ්ඩලය අවධාරණය කර සිටියි.

 

කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තවීමත් සමග මෙරට සංචාරක ව්‍යාපාරය නතර කර ඇත.

 

 

 

views

752 Views

Comments

arrow-up