මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තන් -රවී

මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තන් ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිස්වලට ඇතැම් මහ බැංකු නිලධාරින් බියෙන් කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්ෂුද්‍ර මූල්‍ය පණතක් ගෙනවිත් එමඟින් සියයට 3කට වඩා ණය අය නොකරන ලෙස නියෝග කළ ද මහ බැංකු නිලධාරින් විසින්ම එය නතර කළ බවත් පසුව සියලු දෝෂාරෝපණ මුදල් ඇමතිට එල්ල වු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේය.
724 Views
Comments