අගමැතිට ලැබුණු 5000 නෝට්ටුව (PHOTOS)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යනුවෙන් සඳහන් කළ ලිපියක් අරලියගහ මන්දිරට ලැබී තිබෙනවා. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම ගෙනැවිත් භාර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරිදි එස්. බී. හේවාහැට යන අය විසින් එම ලිපිය අගමැතිවරයා වෙත යොමුකර ඇති අතර, පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ ඔහු හිටපු ගම්සභා පාලකයෙකු බවයි.
විශේෂිත කාරණය වන්නේ එම ලිපිය සමඟ රුපියල් 5000 ක නෝට්ටුවක්ද අගමැතිවරයා වෙත යොමුකර තිබීමයි.
එම ලිපියේ මෙසේද සඳහන් වී තිබෙනවා.
මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇදේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේදී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදි ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ සමඟ එවා ඇති රුපියල් 5000 ද බැර කර මා ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.
ලිපිය කියැවූ අග්‍රාමාත්‍යවරයා දැඩි සංවේගයට පත්ව තිබෙනවා. ලෙඩ ඇඳේ සිටියදී පවා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට මැදිහත්වීම අගය කරමින් මෙම රුපියල් 5000 සේ මුදල හේවාහැට මහතා අතින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන්නැයිද අගමැතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එම ලිපියට පිළිතුරු ලිපයක් යොමු කරමින් අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ හේවාහැට මහතා අභිමානවත් පුරවැසියෙකු බවයි.
දයාබර එස් බී හේවාහැට මහතා වෙතටයි,
ඔබ ශ්‍රී ලාංකීය අභිමානවත් පුරවැසියකු ලෙස මා කරනා සේවය අගය කිරීම පිළිබඳව මා ඔබට බෙහෙවින් ස්තුති වන්ත වන අතරම, රට තුල පවතින කොවිඩ් -19 ව්‍යවසනයෙන් රට මුදවා ගැනීමට ගොඩ නගා ඇති ඉටුකම අරමුදලට ඔබ කල අමිල පරිත්‍යාගය මා පළමුව කෘතඥතා පුර්වක සිහි කරමි.
රටේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම අපගේ පරම යුතුකම හා එකම අභිලාෂය වන අතර ඔබ ද යහපත් පුරවැසියකු ලෙස මෙලෙස අනාගත පරපුර ගැන සිතීමද අපට මහත් අභිමානයකි.
අප සැම එකමුතුව අභිමානවත් දේශයක් ගොඩනගමු. ඔබට තෙරුවන් සරණයි.
780 Views
Comments