“ඕකට ගහලා මරපන්” : සුනිල් ජයවර්ධන ඝාතනයේ ඇහින් දුටු සාක්ෂි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
12

“ඕකට ගහලා මරපන්” : සුනිල් ජයවර්ධන ඝාතනයේ ඇහින් දුටු සාක්ෂි (VIDEO)

“ඕකට ගහලා මරපන්” : සුනිල් ජයවර්ධන ඝාතනයේ ඇහින් දුටු සාක්ෂි (VIDEO)

මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් අසලදී එල්ලවූ මැර ප්‍රහාරයකින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඊයේ රාත්‍රියේ කළුබෝවිල රෝහලේදී ජිවිතක්ෂයට පත්වුවා.

 

එම පහරදීම සිදුවන අවස්ථාවේදී සුනිල් ජයවර්ධන සමග සිටිය ඔහුගේ මිතුරෙක් අද මාධ්‍යට සිදුවීම සම්බන්ධයෙන් විසතර කළා.

 

ඔහු සඳහන් කලේ තමන් සහ සුනිල් ජයවර්ධන බම්බලපිටිය ප්‍රදේශයේ සිට මිරිහාන හරහා නිවෙස් කරා යමින් සිටියදී අදාළ කල්බදු සමාගම ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවූ බවයි.

 

සුනිල් ජයවර්ධනට පිරිසක් පහර දෙමින් සිටියදී කිහිප දෙනෙකු තමන්ටද පහරදුන් බවයි.

 

තමන්ට පහර වදිද්දී කෙසේ හෝ ප්‍රහාරකයින් ගෙන් බේරී පළා ගොස් අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙසෙන සිය සංගමයේ නිලධාරියෙකු කැඳවා ගෙන සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි ඔහු කියා සිටියේ.

 

” ඕකව ඉවරයක් කරලා දාපන්” යැයි සුනිල් ජයවර්ධනට පහර දෙමින් සිටි පුද්ගලයෙකු ප්‍රකාශ කරනවා තමන්ට ඇසුණු බවයි එම සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා කියා සිටියේ.

 

 

views

895 Views

Comments

arrow-up