සත්තු වත්තේ වර්ජනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

සත්තු වත්තේ වර්ජනයක්

සත්තු වත්තේ වර්ජනයක්

සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) දිනයේ සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව එම සමිති ප්‍රකාශ කරනවා.

 

තම සේවකයින්ගේ අතුරු දීමනාව සහ පැමිණිමේ දීමනාව ඉහළ දමන ලෙස වසරකට ආසන්න කාලයක් පටන් ඉල්ලීම් සිදුකරත් ඒවාට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවත් සත්වෝද්‍යාන වෘත්තිය සමිති අවධාරණය කරයි.

 

එමෙන්ම , සංකේත වර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදි අඛණ්ඩ වර්ජනයක නිරත වන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

views

595 Views

Comments

arrow-up