ආනවිලුන්දාව විනාශ කරයි..දේශපාලන ගෝලයන් බවට චෝදනා – 2/3 දුන්නේ තෙත් බිම් වනසන්න නොවේ..ඇමති විමල්ගෙන් දොස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

ආනවිලුන්දාව විනාශ කරයි..දේශපාලන ගෝලයන් බවට චෝදනා – 2/3 දුන්නේ තෙත් බිම් වනසන්න නොවේ..ඇමති විමල්ගෙන් දොස්

ආනවිලුන්දාව විනාශ කරයි..දේශපාලන ගෝලයන් බවට චෝදනා – 2/3 දුන්නේ තෙත් බිම් වනසන්න නොවේ..ඇමති විමල්ගෙන් දොස්

පුත්තම ආනවිලුන්දාව තෙත් බිම විනාශ කර ඇත්තේ සමහර විට ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙකුගේ ගෝලයන් විය හැකි බව බවත් එසේ නැතිනම් දේශපාලන බලයක් නොමැති අයද විය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

ආනවිලුන්දාව රම්සා තෙත්බිම ඉස්සන් වගා කිරීම සඳහා හෙලි කිරීම කවුරු කලද ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙන්නේ මේ රටේ තෙත් බිම්වලට හෝ පරිසරයට අත තියන්න නොවන බවද ඔහු පැවසුවා.

එවන් භූමිවලට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් වැඩ කොතනින් වුවද වහා නතර නතර කල යුතු බවද ඇමැතිවරයා සඳහන් කළා.

ජනතාව තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලබාදුන්නේ නිසි ලෙස පාවිච්චි කරන්න බවද කී ඔහු එම ජනවරමේ සුජාත භාවය ආරක්ෂා කළ යුතු බවද සඳහන් කර සිටියා.

මේ අතර ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ‘ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානයේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කරනවා,

පෙරේදා දිනයේ රාත්‍රියේ පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් බිම් සකස් කරන ලද බවද ඔහු පැවසුවා..

මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළා.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම නිසා කලබල වූ පිරිස් ද මෙයට සම්බන්ධ බව ඔහු කියා සිටියා.

 

views

765 Views

Comments

arrow-up