මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන්

මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන්

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් පලමු ස්වදේශීක වැසියන්ගේ භාෂාව දෙමල බවත් එය නොනැසී පවතින ලෝකයේ පැරණිම භාෂාව බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ඔහුු මේ බව කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී නව කතානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරමිනි.
අද බිහිවී ඇති බල සම්පන්න රජය තරම්ම බලවත් රජයක් 1977දී බිහි වූ බවත් එම රජය 1983දී වධ බන්ධන සිදු කල බවත් ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජයටද අලියා ගිය මග දිගේ ගියහොත් අනාගතයේ එක් මන්ත‍්‍රී ධුරයක් දක්වා පසු බසින්නට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
උතුර හා නැගෙනහිර ජීවත්වන ජනතාවට ස්වභාවිකවම උරුම වී ඇති අයිතීන් සේම ඔවුනට හිමි ස්වයං පාලන අයිතීන් පිලිගැනීම කල යුතු බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය

 

views

803 Views

Comments

arrow-up