අතුරු සම්මත ගිණුම අද පර්ලිමේන්තුවට - සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

අතුරු සම්මත ගිණුම අද පර්ලිමේන්තුවට - සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්

අතුරු සම්මත ගිණුම අද පර්ලිමේන්තුවට - සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළ නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස අද (21) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඊයේ පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


එක්දින විවාදයක් ලෙස මෙය පැවැත්වෙන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මේ අතර රජයේ අතුරු සම්මත ගිණුම ද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අද ඇතුළත් කිරීමට නියමිතයි. ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට මෙම වසරේ ඉදිරි මාස 05 සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 ට අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත‍්‍රීවරුන්ට දැනුම් දීමටයි ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ.
අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් විවාදය ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 09.30 සිට පස්වරු 06.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
එම දින 02 තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමටයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ.
මේ අතර, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

views

797 Views

Comments

arrow-up