ජාතික ක්‍රීඩා සභාවට පත් වුණු රටම ආදරය කරන සුපිරි බුලට් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ජාතික ක්‍රීඩා සභාවට පත් වුණු රටම ආදරය කරන සුපිරි බුලට් (PHOTOS)

ජාතික ක්‍රීඩා සභාවට පත් වුණු රටම ආදරය කරන සුපිරි බුලට් (PHOTOS)

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිළධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ(20) දිනයේදී තරැණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.



නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.


අමාත්‍යවරයා අතින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පත්වීම් ලද නව සාමාජිකයින්-

01. මහේල ජයවර්ධන මහතා - සභාපති
02. කුමාර් සංගක්කාර මහතා - කමිටු සාමාජික
03. ශවේන්ද්‍ර සිල්වා මහතා - කමිටු සාමාජික
04. රොවේනා සමරසිංහ මිය - කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා - කමිටු සාමාජික
06. ජූලියන් බෝලිං මහතා - කමිටු සාමාජික
07. යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා - කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා - කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය - කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා - කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා - කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා - කමිටු සාමාජික
13. ඩිලන්ත මාලගමුව මහතා - කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා - කමිටු සාමාජික


යන අය වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.
තවද ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී ගරු අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.
නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ගරු අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදි.

 

views

1350 Views

Comments

arrow-up