එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් සමඟි ජනබලවේගය සමඟ එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කරමින් මෙම පිල්මාරුව සිදුවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් මෙලෙස සමඟි ජනබලවේගයට එක්වීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සමඟි ජනබලවේගය යටතේ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වන විටත් සිදුකර අවසන් බවත්, ඇතැමුන් සිය තීරණය එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්වරයා වෙත දැනුම්දීමට ද පියවර ගෙන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

 

views

1383 Views

Comments

arrow-up