ඊශ්‍රායලයට, ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යැවීම රජයෙන් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

ඊශ්‍රායලයට, ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යැවීම රජයෙන් පමණයි

ඊශ්‍රායලයට, ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යැවීම රජයෙන් පමණයි

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඊශ්‍රාලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රි ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින යවනු ලැබු ලාංකිකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයන් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14දා) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදි තවදුරටත් තොරතුරු අනාවරණය කරමින් කරණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයන් යැවීමට අවස්ථාවක් නොමැති බවය. එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයන් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි පැවසීය.මේ පිළිබඳ ජනමාධ්‍ය ද අවධානයෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරින. විදේස් රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් විවිධ සේවා සඳහා යැයි පවසමින් ඒජන්සි කරුවන් මුදල් අය කරන බවත්,නමුත් එසේ මුදල් අය කළ හැක්කේ වෛද්‍ය පරීක්ෂණ වැනි සත්‍ය වශයෙන් මුදල් අය වන කටයුතු සඳහා පමණක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

 

views

763 Views

Comments

arrow-up