වෙලේ සුදාගෙන් හරක් 15කට අභයදානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

වෙලේ සුදාගෙන් හරක් 15කට අභයදානය

වෙලේ සුදාගෙන් හරක් 15කට අභයදානය

මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදාගේ භාර ඔප්පු කිරීම සඳහා මරණයට කැපවූ එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර එම සතුන් විවිධ පුද්ගලයින්ට ලබාදී ඇතැයි වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

ඉමදුව පොලිසිය වෙලේ සුදාගේ මස්සිනා හෙවත් ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර (පහල කනත්ත චුටි) ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී පසුගිය 10 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය. ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් දින 07ක රැඳවුම් නියෝගයක් මත සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී ඇත.

වෙලේ සුදාගේ බිරිඳ මරණයට කැපවූ ගවයින් නිදහස් කර ගැනීම සඳහා සැකකරුට මුදල් ලබා දී ඇති බවද විමර්ශවලදී අනාවරණය වී තිබේ. ගවඝාතකාගාරවලින් නිදහස් කරගෙන ඇති එළගවයින් 15කට අධික සංඛ්‍යාවක් මෙකී සැකකරුගේ මැදිහත් වීමෙන් ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී ඇති බවද පොලිසිය පවසයි. මරණීය දණ්ඩනය නියමවී ඇති වෙලේ සුදා ඉන් නිදහස් කර ගැනීම අරමුණු කරගෙන එලෙස ගවයින් නිදහස් කරගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මීට අමතරව වෙලේ සුදාගේ බිරිඳ විසින් ඔහුට මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 07 කට අධික මුදලක් ලබා දී ඇති අතර වෙලේ සුදාගේ දරුවන් ප්‍රවාහනය කිරීම ආදී කටයුතු සැකකාර පුද්ගලයා සිදු කොට තිබේ. බන්ධනාගාරගතව සිටින වෙලේ සුදාට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇත්තේ මෙම සැකකරු බවට පරික්ෂණවලදී අනාවරණය වී ඇත. දුරකථන විශ්ලේෂණ වාර්තාවලට අනුව මෙම තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. මෙම කටයුතු සඳහා වෙලේ සුදාගේ නිවසින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ඔහුට ගෙවා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

 

views

804 Views

Comments

arrow-up