කේරළ ගංජා සහ කහ තොගයක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

කේරළ ගංජා සහ කහ තොගයක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා සහ කහ තොගයක් සමග සිව්දෙනෙක්  අත්අඩංගුවට

මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ග්‍රෑම් 353ක්, නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වූ කහ කිලෝග්‍රෑම් 920ක්, ඇමෙරිකන් ඩොලර් 100 නෝට්ටු 05ක් සහ වලංගු මුදලින් රුපියල් 1,725,000 ක් සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ටේලරය සහිත ට්‍රැක්‌ටර් රථ 01ක් සහ ටාටා ලොරි රථයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

මෙම පිරිස මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

 

views

738 Views

Comments

arrow-up