DEC
26
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 187 දක්වා ඉහළට

මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 වන වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
ඒත් සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ ගණන 187 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
693 Views
Comments