එල්.ටී.ටී.ඊ.යට චෝදනා කළ නිසා සුමන්තිරන්ට එරෙහිව විරෝධතා

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද්‍රවිඩ ජනතාවගෙන් සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් ප්‍රකාශ කරයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට සුමන්තිරන් මහතා පසුගියදා සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගතයුතු බවත් එම ප්‍රකාශය සමාව දිය නොහැකි වැරද්දක් බවත් දෙමළ ජාතික සන්ධානයේ ටොලෝ පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරයි
එහිදී මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් වැඩිදුරටත් පවසා ඇත්තේ , සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙමළ ජනතාවටම දැඩි අගෞරවයක් ගෙන දෙන බැවින් වහාම පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් කොට මන්ත්‍රීවරයාට එරෙහිව පරික්ෂණයක් සිදු කල යුතු බවයි.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත දැනුම් දී ඇත්තෙ හැකි ඉක්මනින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කැඳවා සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවත් එසේ නොකළහොත් තමන් මේ පිළිබඳව දැඩි පියවරක් ගන්නා බවත් ය.
එලෙසින් උතුරේ සිවිල් සංවිධාන කිහිපයක්මද සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
677 Views
Comments