රූපලාවාන්‍යාගාර විවෘත කිරීමට කොන්දේසි රැසක් - වෛද්‍ය අනුමැතියත් අවශ්‍යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

රූපලාවාන්‍යාගාර විවෘත කිරීමට කොන්දේසි රැසක් - වෛද්‍ය අනුමැතියත් අවශ්‍යයි

රූපලාවාන්‍යාගාර විවෘත කිරීමට කොන්දේසි රැසක් - වෛද්‍ය අනුමැතියත් අවශ්‍යයි

රූපලාවන්‍යාගාර හා කොන්ඩා කපන ස්ථාන යළි විවෘත කිරීමට කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

 

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර හා කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාළව උපදේශන මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

 

එම උපදෙස් මාලාව නිකුත් කිරීමෙන් පසු තම ආයතනය පිහිටා ඇති ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාගැනීමට හැකිවන පරිදි ව්‍යුහය හා පහසුකම් සකස් කළ යුතුයි.

 

එය අවසන් කළ පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ආයතන පරීක්ෂාකර ලබාදෙන නිර්දේශ සළකාබලා එම ආයතන විවෘත කිරීමට අදාළ අනුමැතිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

 

එම සහතිකය ලබාගන්නා තෙක් කිසිඳු රූපලාවන්‍යාගාරයක් හෝ කොන්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සාහ නොකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.

 

views

649 Views

Comments

arrow-up