ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4.5ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4.5ක්

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4.5ක්

කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ‍ඩොලර් මිලියන 4.5 කට අධික ආධාර මුදලක් ලබා දෙන බව කොළඹ, ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

 

ඒ අනුව එක්සත් ජනපදය විසින් ලබා දුන් සමස්ත දායකත්වය ඩොලර් මිලියන 5.8 ක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය සඳහා එක්සත් ජනපදය විසින් සහය ලබා දීමේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය මේ ආධාර තුළින් තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.

 

සෞඛ්‍ය ආධාර වශයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 1.3 ක් ලබා දීම සම්බන්ධයෙන් අප්‍රේල් 9 වන දින ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කළ බවද එහි වැඩිදුරටත් සඳහන්.

 

එම නිවේදනය පහතින්.

 

views

803 Views

Comments

arrow-up