මහ මැතිවරණය පැවැත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

මහ මැතිවරණය පැවැත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්!

මහ මැතිවරණය පැවැත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්!

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජුනි මස විසි වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක ආචාර්ය. පාක්‍යසෝති සරවනමුත්තු විසින් පෙත්සම ඉදිරිපත් කළා.


එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.


පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට විධිවිධාන සලසා ඇති බවයි.


ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් පාර්ලිමේන්තුව මාර්තු මස 2 වනදා විසුරුවා හළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදනවලට අනුව ඊළඟ නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවනදා ට පෙර රැස්වීය යුතු බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.


එහෙත් මාර්තු මස දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණකොමිසම ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් වර්තමානයේ කොරෝනා වසංගතය දීප ව්‍යාප්ත මට්ටමින් පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දෙනවා.

views

604 Views

Comments

arrow-up