ජනගහනයෙන් සියයට 60කට වෛරසය වැළඳීමේ අවදානමක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1369ක් ලෙසින් ඉහළ ගොස් ඇත.
කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා ඊයේ නිල නාමයක් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්රයේදී කොවිඩ් නයින්ටීන් ලෙස මෙම වෛරසය හැඳින්වෙනු ඇති.
වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1369ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.නව මරණ සියල්ලම තවදුරටත් චීනයෙන්ම වාර්තා වෙයි.
පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවදානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියි.
කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරුවී ඇති පිරිස හා සැසඳීමේදී සියයට එකක අගයක් සේ පෙනුනත් මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලොවපුරා රටවල් විවිධ ක්‍රම යොදා ගනු ලැබුවත් මෙය අයිස් කන්දක් වැනි වෛරසයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ස්වභාවය ජලයෙන් මතුපිට පෙනෙන කොටස පමණක් වන නමුත් නොපෙනෙන කොටස භයංකාර බවයි.
මෙම වෛරසය නොනවතින රැල්ලක් මෙන් ලොවපුරා පැතිරී යා හැකිය බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මේ අතර විදෙස් පුවත් වාර්තා කර තිබුණේ බ්‍රිතාන්‍යයේ හදවත බදුවූ ලන්ඩන් නුවරින්ද කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්ද එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත්තේ සමස්ත සංචාරක ක්ෂේත්රයම දැඩි කැලඹීමට පත්කරමින්.
මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ තවත් පුද්ගලයින් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
ඒ අනුව නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 219 ක්.
මේ අතර මේ මස 19වන දින චීනයේ පැවැත්වීමට නියමිතව තිබු ලෝක ශුරතා ෆෝමියුලා වන් මොටර් රථ තරගාවලියේ සිව්වන අදියර කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.
783 Views
Comments