පිටරටින් සහල් ගෙන්වීම නවත්වන්න රජය තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

පිටරටින් සහල් ගෙන්වීම නවත්වන්න රජය තීරණය කරයි

පිටරටින් සහල් ගෙන්වීම නවත්වන්න රජය තීරණය කරයි

සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.


 
වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.


 
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.


 
වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

views

734 Views

Comments

arrow-up