රනිල් වික්‍රමසිංහට ගෞරවාන්විත සමුදීමක් ලබාදිය යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

රනිල් වික්‍රමසිංහට ගෞරවාන්විත සමුදීමක් ලබාදිය යුතුයි

රනිල් වික්‍රමසිංහට ගෞරවාන්විත සමුදීමක් ලබාදිය යුතුයි

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වූ පසු ජනාධිපතිවරන 6ක්‌ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව තිබෙන බැවින් පක්ෂ නායකත්වයේ වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

 

 

ලෝකයේ කිසිම රටක නායකයෙක් ජනාධිපතිවරණ 6ක්‌ පරාජයට පත්ව මහමැතිවරණයකට පක්ෂය මෙහෙයවන්නෙ නැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. නමුත් සුලු පිරිසක් ඔවූන්ගෙ වරප්‍රසාද නැතිවෙන බියට එම තත්වය ලංකාව තුල ඇතිකරමින් යනබවයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

 

 

නමුත් රනිල් වික්‍රමසිංහට ගෞරවාන්විත සමුදීමක් ලබාදි පක්ෂයේ උපදේශක තනතුරක් ලබාදිය හැකි බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

views

676 Views

Comments

arrow-up