තම ගෙවත්තේම පස්කන්දට යටවිමෙන් තිදරු පියා ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

තම ගෙවත්තේම පස්කන්දට යටවිමෙන් තිදරු පියා ජීවිතක්ෂයට

තම ගෙවත්තේම  පස්කන්දට යටවිමෙන් තිදරු පියා ජීවිතක්ෂයට

දික්වැල්ල  වැලිහිටිය  ප‍්‍රදේශයේදි  ඊයේ (14)  සවස  පස්  කන්දකට  යටවීමෙන්  පුද්ගලයකු  මියගිය   බව  දික්වැල්ල  පොලිසිය  පවසනවා.  මෙසේ  මියගොස්   ඇත්තේ  දෙවිනුවර  කන්දපාර  විජේතුංග  මාවතේ පදිංචි  සුරේෂ්  චමින්ද  නැමති  36  හැවිරිදි  තිදරු  පියෙක්.

 

නිවසක  මායිමේ  පිහිටි  අඩි  14 ක්  පමණ  උස  පස්  කන්ද  කඩා  වැටීම  වැලැක්වීමට  කොන්ක‍්‍රීට්  බැම්මක්  සකස්  කිරීම  සඳහා  බැකෝ  යන්ත‍්‍රයක්  යොදාගෙන  සකස්කළ  බේස්  වලකට බැස මියගිය  තැනැත්තා  සිටගෙන  වලේ  ඉතිරිව  තිබු  පස්  ඉවත්කරමින්  සිටියදි  ඉහළින්  තිබු  පස් කන්ද  කඩාවැටී  එයට  යටවිමෙන්  මෙම  මරණය  සිදුවි  ඇති  බව  පොලීසිය  වැඩිදුරටත්  කියයි.

 

ඇඳහැළුනු  මහ  වැස්සත්  සමඟ මෙම  කන්ද  ආවරණයට තිබු ගල් බැම්ම කඩාවැටීම  නිසා වඩා ශක්තිමත්ව මෙම කොන්ක‍්‍රීට්  බැම්ම  ඉදිකිරීමට නිවෙස්  හිමියා  කටයුතු  කර තිබෙන බවයි වාර්තාවන්නේ. 

 

මෙම  තැනැත්තා  පස්වලට  යටවීමත්  සමඟ   එහි  සිටි  පුද්ගලයින්  පස්  අතින් ඉවත්කර  ඔහුගේ  හිස  පාදාගෙන  තිබෙනවා.  ඒ  සමඟම  බැකෝ  යන්ත‍්‍රයක්  අධාරයෙන්  පස්  ඉවත්කර  තුවාලකරු දික්වැල්ල  රජයේ  රෝහලට  රැගෙන   ගියද  ඒ  වනවිටත්  මියගොස්  සිටි  බවයි පැවසෙන්නේ.

views

712 Views

Comments

arrow-up