“ජනපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කරනවා”

ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත් වීම වැළැක්වීමටත් ඇප මුදල් ඉහළ නැංවීමටත් ඉදිරියේදී නව නීති හඳුන්වාදීමට අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මීට අමතරව පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති බාධා ඉවත් කිරීම සඳහාත් මැතිවරණයකදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය නීති සකස් කරන බවද ඇමැතිවරයා කීය.
ඉකුත් ජනාධිපතිවරණයේදී අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත්වීම නිසා රජයට විශාල මුදලක් වැය වූ අතර මැතිවරණ කොමිසන් සභාවට කටයුතු කිරීමේ දුෂ්කරතා මතු වූ බවද පැවසූ ඇමැතිවරයා ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීති සම්පාදනය කරන බවද කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධා මතුව ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
999 Views
Comments