MCC ආයතනය නව රජය ගැන අධික්ෂණයට තීරණය කරලා - මංගල

නව රජය එම්.සී.සී. ගිවිසුම අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවට දන්වා තිබියදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඊයේ රැස්වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව රජයේ කාර්ය සාධනය සළකා බැලීම සඳහා තව දුරටත් කාලය අවශ්‍ය බවට තීරණය කර ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ලබාදීමට නියමිතයි.
මේ සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇති එය පසුගිය ජනපතිවරණ සමයේදී ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.
While the GR regime asks for more time to review agreement, the MCC Board which met in Washington DC yesterday had reportedly decided they need time to monitor the new government's performance.
— Mangala Samaraweera (@MangalaLK) December 10, 2019
729 Views
Comments