බන්ධනාගාර තුළ CCTV කැමරා සවිකිරීමට පියවර

බන්ධනාගාර තුළ සීසීටීවී සවි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. බන්ධනාගාර තුළ සිදුවන අපරාධ මැඬලීම අරමුණ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අධිකරණ අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමෙන් පසු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වුණා.
බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලූ අමාත්‍යවරයා නිලධාරීන් සමග ද මේ පිළිබඳ සාකච්ඡා කළා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගතව සිටින්නන් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.
747 Views
Comments