අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කෙරේ

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

 

 


අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂ්‍යපතයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්ය.

 

 


ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පැවැති රාජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර තිබේ.
1990 සුවසැරි පදනම අදාල ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

 

 


සංවර්ධන ලොතරැයි මණ්ඩලට සහ ජාතික ලොතරැය මණ්ඩලය මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ විෂයපතයට ඇතුළත් කර තිබේ.
එමෙන්ම සේවා ආර්ථසාධක අරමුදල නිපුනතා සංවරධන රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ විෂයපතයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

 


අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.

 

 

 

views

701 Views

Comments

arrow-up