මධ්‍යම තැපැල් හුවමාරුව විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

මධ්‍යම තැපැල් හුවමාරුව විවෘතයි

මධ්‍යම තැපැල් හුවමාරුව  විවෘතයි

කොරෝනා වෛරස ව්‍යාප්ත තත්ත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කෙරෙන බවයි.

 

ඒ අනුව, ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරෙනු ඇත.

 

ලියාපදිංචි ලිපි අංශය තේරීම් කටයුතු සඳහා අඟහරුවාදා (10) විවෘත කරන බවද, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු බදාදා (11) සිට ඇරඹෙන බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

 

 

 

 

views

23231 Views

Comments

arrow-up