පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයෙන් සැර නිවේදනයක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට බලපෑම් ඇති කිරීමේ අරමුණින් ඔහු මෙරට සංචාරය කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. වෙනත් රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන මිත්‍රයෙකු ලෙස ප්‍රසාදය පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්.
මෙම සංචාරය මගින් මෙරට ජනතාවගේ අභිමතාර්ථයන්ට සුදුසු නොවන ආකාරයෙන් බලපෑම් නොකරන ලෙසට චීනය – ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කුඩා රටවල් සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් බවයි චීනය ප්‍රකාශ කර ඇත්තේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සංචාරය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඞ් ව්‍යාප්තියෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින අවස්ථාවක බව චීනය පෙන්වා දෙනවා. වසංගතයට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළට රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙර වෙනත් කණ්ඩායමක් පැමිණීම සෞඛ්‍ය නීතිරීති වලට ද, ගැටලුවක් බව චීන තානාපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද රාත්‍රියේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. එහිදී ඔහු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මෙරටදී ඔහු පවත්වන ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී විවිධ අංශ ඔස්සේ දෙරටේ සබඳතා පිළිබඳව අවධානය යොමු කෙරෙන බව සඳහන්. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දකුණු සහ අග්නි දිග කලාපීය සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියා. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයෙන් පසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.
724 Views
Comments