OCT
20
පොම්පියෝ 28 වැනිදා ශ්‍රී ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සදහාය.
මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරය.
ඒ පිළිබදව කැබිනට් මාධ්‍ය හමුවේදී ද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.
767 Views
Comments