කෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

කෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයි

කෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයි

අට වන පාර්ලිමේන්තුවේ හතර වන සැසිවාරය සඳහා වූ කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (18) සභාවට ඉදිරිපත් කළා.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ රාජ්‍ය ව්‍යාපාර ආයතන 10ක කරුණු ඊට ඇතුලත් බවයි.

එහි මහජන බැංකුව, මහබැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන ඇතුළත්ව තිබෙනවා.

කෝප් වාර්තාවේ අඩංගු කරුණු තුළින් හෙළි වන වංචා, දූෂණ සහ ඒවාට සෘජුවම වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුවිය යුතු බව වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියා.

views

591 Views

Comments

arrow-up