මහ මැතිවරණයට එන්නෙ අලියා සළකුණින්මයි

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ද මහලේකම්වරයා විසින් ප්‍රකාශ කළා.
මහලේකම්වරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (11) රෝයල් ආකේඩ් පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
"එක්සත් ජාතික පක්ෂය මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා නාමයෝජනා කැදවීමට නියමිතව තිබෙනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්ට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකියි."
1004 Views
Comments