මහමැතිවරණයෙන් පසු එජාප ආණ්ඩුවකට සහාය දෙනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

මහමැතිවරණයෙන් පසු එජාප ආණ්ඩුවකට සහාය දෙනවා

මහමැතිවරණයෙන් පසු එජාප ආණ්ඩුවකට සහාය දෙනවා

ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පෙරමුණට ආසන 113 ක බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට සහය පළ කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් පවසනවා.

 


යාපනයේ කයිට්ස් දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකින් පසුව ඔහු මේ බව කියා සිටියා.

 


එක්සත් ජාතික පෙරමුණට මහ මැතිවරණයේදී හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාවට අනුව ඔවුන්ට හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය උදව් කිරීමට සූදානම් බවද ඔහු මෙහිදී  සඳහන් කළා.

 


දෙමළ ජාතික සන්ධානයට මෙවර මැතිවරණයේදී දැනට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රීධූර සංංඛ්‍යාවක් නියත වශයෙන්ම හිමි වන බව කී මන්ත්‍රීවරයා ඒ බලය ඔස්සේ එක්සත් ජාතික පෙරමුණට වැඩි බලයක් දීමට දෙමළ ජාතික සන්ධානයට හැකිවන බවද ඔහු මෙහිදී පැවසුවා.

 


එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දී පිහිටුවනු ලබන හවුල් රජය සමග එකතු වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලය බෙදා හැරීමේ යෝජනාවලියට එහා ගිය ක්‍රමවේදයක් ඔස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලය බෙදා හැරෙන ක්‍රමයක් සකස් කරණ බවද කියා සිටියා.

 


දෙමළ ජාතික සන්ධානය කිසි විටකත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක නොකරණ බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම සඳහා නොපසුබටව කටයුතු කරණ බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවා.

 

views

703 Views

Comments

arrow-up