සුදු වෑන් රියදුරන් ලෙස මාධ්‍ය සාකච්ඡා පැවැත්වූදෙදෙනා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

සුදු වෑන් රියදුරන් ලෙස මාධ්‍ය සාකච්ඡා පැවැත්වූදෙදෙනා රිමාන්ඩ්

සුදු වෑන් රියදුරන් ලෙස මාධ්‍ය සාකච්ඡා පැවැත්වූදෙදෙනා  රිමාන්ඩ්

පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම, මංකොල්ල කෑම් සිදු කිරීම හා පුද්ගලයි වධහිංසාවට භාජනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හෙළි කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් දෙදෙනා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

 

 

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක  යන දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

 

 

 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත්
ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

 

 

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

 

එම ඉල්ලිම පිළිගත්ත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් දෙදෙනා ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය

views

603 Views

Comments

arrow-up