පාසල් ළමුන්ට අසීමිත රක්ෂණයක් ලබා දීමට රජයේ අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

පාසල් ළමුන්ට අසීමිත රක්ෂණයක් ලබා දීමට රජයේ අවධානය

පාසල් ළමුන්ට අසීමිත රක්ෂණයක් ලබා දීමට රජයේ අවධානය

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක්  (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

 

 

 මෙහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පසුගිය රජය ගත් රටට අහිතකර තීරණවලදී හරි පැත්තේ ඉදගෙන තම මතය ඍජුවම ඉදිරිපත් කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත  මෙහිදී ස්තුතිය පුදකලා .

 

 

මෙහිදී වැඩිහිටියන් මෙන්ම පාසල් ළමුන්ද දියවැඩියා රෝගයට ගොදුරුවීම පිළිබඳව වැඩි අවධානය යොමුවිය.

 


රටේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයට රජයේ වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කිරීම නිසා ඉදිරියේදී රටේ සෞඛ්‍යයේ වර්ධනයක් දැකිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙහිදී  පැවසීය.

 

 

එමෙන්ම වසවිසෙන් තොර ආහාර මහජනතාවට ලබාදීම, කිරිපිටි වලට ලංකාවෙන් ඇදී යන මුදල් ප්‍රමාණය නවතා ගැනීමටද මෙහිදී අවධානය යොමුවිය. රටේ සියලුම ආපනශාලා සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වයට පත්කිරීම හා ආහාර පනත හරහා රෝගීන්ට සුරක්‍ෂිත ආහාර සංස්කෘතියක් ඇති කිරීම කෙරෙහිද මෙම සාකඡ්චාවේදී අවධානය යොමු විය.

 

 

වස විසෙන් තොර ආහාර සහතික කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් හදුන්වාදීම හා වස විසෙන් තොර සුරක්‍ෂිත පාරම්පරික ආහාර රටාව ස්ථාපිත කිරීම මඟින් ජනතාව රෝගවලට ලක්වීම අවම කරගත හැකි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දෙන ලදී.

 

 


එමෙන්ම පසුගිය රජය තෝරාගත් ක්‍ෂේත්‍රයන්හි වැටුප් වැඩිකිරීමට කැබිනට් අනුමැතියන් මඟින් කටයුත කිරීම නිසා වැටුප් විෂමතාවයන් වැඩි වී ඇති බැවින් ජාතික වැටුප් ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කර යාවත්කාලීන කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුකරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

 

 


පසුගිය රජය විසින් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය මඟින් පාසල් ළමයෙකුට ලක්‍ෂ 02ක රක්‍ෂණයක් දී තිබූ බව මෙහිදී පැවසූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා  ළමුන් සඳහා අසීමිත රක්‍ෂණයක් තිබිය යුතු බව මෙහිදී පෙන්වා දුන්නේය.

views

830 Views

Comments

arrow-up