වැලිකඩ සිට නිදහස් වූ 62ක් යළි කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

වැලිකඩ සිට නිදහස් වූ 62ක් යළි කැඳවයි

වැලිකඩ සිට නිදහස් වූ 62ක් යළි කැඳවයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබෙනවා.

 

මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග කටයුතු කළ අයයි. අදාළ පුද්ගලයා ඉකුත් ජූනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවේ ජූලි පළමු වැනිදා පැවැත්වුණු නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීමටයි.

 

පසුව ජූලි 7 වැනිදා සිදුකළ PCR පරීක්‍ෂණයකදි මෙම රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

 

ඒ අනුව මෙලෙස යළි කැඳවීමට තීරණය කර ඇති නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනා අදාළ කාලය තුළ බන්ධනාගාරයේ රැදී සිටි අය බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

 

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 300 කට වැඩි පිරිසක් මේ වනවිටත් PCR පරීක්‍ෂණ සදහා ලක් කර අවසන්. වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ තවත් 242 දෙනෙකුද නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කර තිබෙනවා.

 

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා.

 

views

804 Views

Comments

arrow-up