සම්පත් බැංකුව වට්ටන්න දැරූ උත්සහය කනපිට හැරේ

පසුගිය දා දෙහිවල සම්පත් බැංකු ශාඛාවේ සිදුවු සිදුවීමත් සමග ඇතැම් පිරිස් සම්පත් බැංකුව වර්ජනය කිරීමට උත්සහ කලා. කෙසේ නමුත් මේ වන විට එම රැල්ලට වඩා විශාල රැල්ලක් සමාජ මාධ්‍යය ඔස්සේ සම්පත් බැංකුව වෙනුවෙන් ඇතිවී තිබෙනවා.
බුර්කාව පැළදි කාන්තාවකට එය ගලවා ඇතුළු වන ලෙසට දෙහිවල සම්පත් බැංකු ආරක්ෂක නිලධාරීන් පැවසීම නිසා ඇතිවූ තත්වයත් සමග මේ පිළිබදව සමාජයේ දැඩි කතාබහක් ඇති වූවා. මෙයත් සමගම සම්පත් බැංකුව ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් බවට නිමල් පෙරේරා මහතා විසින් ප්‍රකාශ කර සිටියා.
මෙම සිදුවීම් 2ට සමගාමීව මංගල සමරවීර මහතා සිය සම්පත් බැංකු ගිණුම් ඉවත්කර ගන්නා බවට පැවසීම හා ඇතැම් පිරිස් සම්පත් බැංකු චෙක්පත් භාර නොගන්නා බවට කියවෙන දැන්වීම් කිහිපයක්ද සමාජ ජාලා තුල දැකිය හැකි වූවා. කෙසේ වෙතත් මෙලෙස සම්පත් බැංකු කාඩ්පත් කපා ගිණුම් ඉවත්කරගෙන එම බැංකුව ප්‍රතික්ෂේප කිරීමට ගත් උත්සහය මේ වන විට කනපිට හැරී තිබෙනවා. ඒ දැවැන්ත ජනතාවක් සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටීම නිසයි.
මේ වන විට දහස් ගනනින් ජනතාව සම්පත් බැංකුව අගයමින් සැවොම එක නීතියකට යටත් විය යුතු බව පවසමින් සමාජ මාධ්‍යය ඔස්සේ පෙලගැසෙමින් පවතිනවා. ගිණුම් ඉවත් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඔවුන් වෙනත් බැංකු වල ඇති ගිණුම් සම්පත් බැංකුවට ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මේ අනුව එක් ගිණුමක් වැසෙන විට තවත් ගිණුම් 100ක් සම්පත් බැංකුවේ විවෘත වෙමින් පවතිනවා. එමෙන්ම සම්පත් චෙක්පත් භාර නොගන්නා වෙළදසැල් වලින් අත්පිට මුදලට හෝ භාණ්ඩ මිළදී නොගැනීමට ඔවුන් තීරණය කර තිබෙන බව සමාජ ජාලා තුලින් නිරීක්ෂණය වේ.
24240 Views
Comments