බ්‍රිතානයයේ සමූල ඝාතනයකට සැළසුම් කළ IS බෝම්බකාරිය – ශ්‍රී ලංකාවට පැමිණි බවට පාපොච්චාරණයක්

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැළසුම් කළ බව බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය අනාවරණ කළේ, අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඇයට, අධිකරණය විසින් වසර 14 ක සිර දඬුවම් ලබාදී ඇති බවය.
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කිරීමට සැළසුම් කළ මෙම කාන්තාවගේ වයස අවුරුදු 36කි.
ඇය ප්‍රහාරය සැළසුම් කිරීම සඳහා පසුගියදා එක්සත් රාජධානියේ ශාන්ත පාවුළු දේවස්ථානයට ද පැමිණ තිබුණාය.
ඇයගේ අපේක්ෂාව වී ඇත්තේ මෙරට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන් නුවරට එල්ල කර විශාල පිරිසක් ඝාතනය කිරීමය.
අදාළ දේවස්ථානයට මෙන්ම තවත් සංචාරක හෝටලයකට ද ප්‍රහාර එල්ල කිරීමට ඇය සැළසුම් කර තිබු බව වාර්තා වේ.
ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි අන්තවාදී මතදරන්නන් ලෙසින් පෙනී සිටි බ්‍රිතාන්‍ය රහස් පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් විසිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2007 වසරේදී ඉස්ලාම් දහම වැළඳගෙන ඇති ඇය අන්තර්ජාල දේශන ඔස්සේ අන්තවාදයට නැඹුරුවී ඇති බවය.
එමෙන්ම අයි. එස් සංවිධානයේ බ්‍රිතාන්‍ය නියෝජිතවරියක් ලෙස ද ඇය කටයුතු කර තිබේ.
ඇය විසින් පණිවිඩ හුවමාරු කණ්ඩායමක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සටහන් තබා පවසා ඇත්තේ තමන් ලන්ඩනයේ පළමු කාන්තා මාරාගෙන මැරෙන බෝම්බකාරිය බවට පත්වීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටින බවත් ප්‍රාණ පරිත්‍යාගියෙකු වෙමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවත්ය.
එමෙන්ම ශාන්ත පාවුළු දේවස්ථානයේදි චාල්ස් හා ඩයනා විවාහ මංගල්‍යයේ ඡායාරූප දෙස බලමින් මෙම පල්ලිය බිම හෙලීමට ඇත්නම් යනුවෙන් ද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් පවසා තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ කාන්තාවට වසර 14 ක සිර දඬුවම් නියම විය.
835 Views
Comments