හොර කිරුම් මිනුම් උපකරණ වලින් ජාවාරම් කළ වෙළදුන්ට වැඩ වරදී

වැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙළදුන් 28 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති සේවා අංශය මගින් කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන්ගෙන් සිව් දෙනෙකුට වරෙන්තු නිකුත් කොට ඉතිරි පිරිසට දඩ නියම කළා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ මිනුම් ප්‍රමිති හා සේවා අධිකාරි තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි පසුගිය සතියේදී මෙම වැටලීම් සිදු කර තිබෙන අතර එහිදී වෙළද සැල් 300 කට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කොට තිබෙනවා.
මිනුම් ප්‍රමිති සේවා අංශයේ කාර්යභාර නිලධාරී දුලිත් අශෝක මහතාගේ මෙයවීමෙන් මෙම වැටලීම් සිදු කර ඇත්තේ.
696 Views
Comments