ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මාසයක් තුළ එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
දින 7 ක් ඇතුළත කරුණු දක්වන ලෙස ඔවුන්ට එම ලිපි මගින් දැනුම් දී තිබෙනවා. මේ බව අද (4) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.
ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා , එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට මෙලෙස ලිපි බාර දී තිබෙනවා.
514 Views
Comments