අවුරුදු 25ක් තිස්සේ අපි රනිල්ට කළ බෙදුම්වාදී චෝදනා වැරදියි - ගම්මන්පිල

වසර 25ක් තිස්සේ තම පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බෙදුම්වාදී චෝදනා එල්ල කිරීම වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයකු වන උදය ගම්මන්පිල මහතා පවසයි.
“මෙතෙක් කල් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බරපතළ චෝදනාවක් නැඟුවා, එතුමා තමයි දෙමළ බෙදුම්වාදීන්ව සුරතල් කරන්නෙ මුස්ලිම් අන්තවාදීන්ව සුරතල් කරන්නෙ, එක්සත් ජාතික පක්ෂයට දෙමළ බෙදුම්වාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් සමීප කරගෙන එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය කියලා අපි එතුමාට බරපතළ චෝදනාවක් වසර 25ක් තිස්සේ නැඟුවා.
දැන් හැරිලා බැලින්නම් ඒක වැරදියි. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ රිෂාඩ් බදූර්දීන්ලා වගේ මුස්ලිම් අන්තවාදීන්, එම්. ඒ. සුමන්දිරන්ලා වගේ දෙමළ බෙදුම්වාදීන් සිටියත් ඔවුන් ඇත්තටම ඉඳලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග නෙවෙයි, සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟයි. මේ දෙන්නා දෙපැත්තට වුණාට පස්සෙ තමයි අපි ඇත්තටම දැක්කේ රිෂාඩ් ඉන්නෙ කාත් එක්කද, රවුෆ් හකීම් ඉන්නෙ කාත් එක්කද, මනෝ ගනේෂන් ඉන්නෙ කාත් එක්කද, දිගම්බරන් ඉන්නෙ කාත් එක්කද, ඒ වගේම එම්. ඒ. සුමන්දිරන්ලා ඉන්නෙ කාත් එක්කද කියන එක” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
747 Views
Comments