ජොන්ස්ටන් ජනාධිපතිටත් – සාටකයටත් මුවා වෙලා වහසි බස් දොඩනවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

ජොන්ස්ටන් ජනාධිපතිටත් – සාටකයටත් මුවා වෙලා වහසි බස් දොඩනවා

ජොන්ස්ටන් ජනාධිපතිටත් – සාටකයටත් මුවා වෙලා වහසි බස් දොඩනවා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජනාධිපති ගෝඨාඪය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවා වී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසි බස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

 

නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඒක්වෙමින් ඥාණසාර හිමියෝ මේ බව පැවසූහ.

 

කරුණෑගල බුවෙනක බා හෝටලය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටින බවය.

 

වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ වර්ථමානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කීර්තියක් ලැබී තිබෙන බවත් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාව ඔහුට ගරු කරන බවත් ඒම ගරුත්වය නැති කිරීම සඳහා සමහරක් දේශපාලකයින් කටයුුුුතු කරමින් සිටින බවත්ය.

 

කුරුණෑගල නගරාධිපති වැන්නවුන් දඹුල්ලෙ සිටියානම් සීගිරියටත් බෝර දමන බව ද උන්වහන්සේ පවසා සිටියහ.

 

views

795 Views

Comments

arrow-up