කොළඹ පැල්පත්වලින් තොර නගරයක් කරනවා – අගමැති

කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ නගරයේ නිවාස ගැටලුව විසඳීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස සිටි කාලයේ දී ආරම්භ කළ නමුත් මැතිවරණ පරාජයෙන් පසු එය අතරමග නතර වු බව අග්‍රාමාත්‍යවරයා එහිදී පවසන ලදි.
නැවත එම වැඩපිළිවෙල ආරම්භ කොට කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාගේ 15 වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණි.
726 Views
Comments