වැලිකඩ තාප්පයට ඉහළින් බෝම්බයක් වැනි යමක් විසි කරයි..පාර්සලයෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශයයට හමුවූ දේ මෙන්න ( VIDEO )
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

වැලිකඩ තාප්පයට ඉහළින් බෝම්බයක් වැනි යමක් විසි කරයි..පාර්සලයෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශයයට හමුවූ දේ මෙන්න ( VIDEO )

වැලිකඩ තාප්පයට ඉහළින් බෝම්බයක් වැනි යමක් විසි කරයි..පාර්සලයෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශයයට හමුවූ දේ මෙන්න ( VIDEO )

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් කිසියම් අයකු විසිකරන ලද බෝම්බයක් වැනි පාර්සලයක් හේතුවෙන් එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවී වුණා.

 

බෝම්බයක් ආකාරයෙන් ඔතා මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසිකර තිබීම සම්බන්ධයෙන් වහාම බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවත් එහිදී බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

 

බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂාවට ලක්කළ එම පාර්සලය තුළ ඉතා සුක්ෂම ආකාරයෙන් අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්කුඩු, ජංගම දුරකථනයක්, චාජරයක් තිබූ බවට අනාවරණය වූ බව ඒකනායක මහතා සදහන් කර සිටියා.

 

 
වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල විශේෂ සෝදිසි මෙහෙයුමක්

වැලිකඩ මැගසින් බන්ධනාගාරය අසල විශේෂ සෝදිසි මෙහෙයුමක් Join our WhatsApp Group : https://bit.ly/2yeaLcQ You Tube Link:-https://youtu.be/c42F0_smN1o Like Us:- Breaking.lk More News :-www.breaking.lk

Posted by Breaking.lk on Thursday, June 25, 2020

 

 

views

3386 Views

Comments

arrow-up